යුක්‍රේනයට ඇමරිකාවෙන් දිගු දුර මිසයිල.

Report

යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබා දීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සැලසුම් කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා කියෙව් වෙත අඛණ්ඩ ප්‍රතිප්‍රහාර සඳහා උපකාර කිරීමට මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කිලෝමීටර් 300ක් දක්වා පරාසයක විහිදෙන අධිතාක්ෂණයෙන් යුත් මිසයිල කිහිපයක් යුක්‍රේනයට ලැබෙනු ඇති බව වාර්තා වෙනවා.

යුද විශ්ලේශකයෝ පෙන්වා දෙන්නේ මෙම මිසයිල මඟින් රුසියානු ඉලක්ක වෙත ඉතා පහසුවෙන් පහර දීමට හැකියාව පවතින බවයි.