ලොකු පැටීගේ පැටිකිරිය - ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙන හැටි මෙන්න!
විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් "ලොකු පැටී" සම්බන්ධයෙන් අවශ්‍ය නම් රැඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.
ලංකාවට රැගෙන ආ "ලොකු පැටී" සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳ අද (04) අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
"මෙම 'ලොකු පැටී' නම් අපරාධකරු සම්බන්ධ විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ, පසුගිය කාලයේ සිදුවූ වසන්ත පෙරේරා හෙවත් 'ක්ලබ් වසන්ත' ඝාතනය, ඊට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතන කිහිපයක්, මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ළඟ තබාගැනීම ඇතුළු බරපතළ අපරාධ ගණනාවකට ඔහු සම්බන්ධ බවයි. ඒ අනුව, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය නම් රැඳවාගෙන ප්‍රශ්න කිරීමටත් පියවර ගන්නවා. රටේ නීතියට අනුව ඔහුට එරෙහිව තවදුරටත් කටයුතු කරනවා," යනුවෙන් ඔහු පැවසීය.
පසුගිය මාස හතර තුළ ලංකාවට රැගෙන ආ 11වන අපරාධකරු "ලොකු පැටී" බවත්, ලංකාවේ අපරාධ සිදුකර විදෙස් රටවලට පලා ගිය අපරාධකරුවන් මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඩුබායි, ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල සිටින එවැනි අපරාධකරුවන් 20කට වැඩි පිරිසක් ඉදිරියේදී ලංකාවට ගෙන ඒමට අදාළ කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
