යළිත් එළියට ඒමක්ම නැද්ද..ලොහාන්ගේ බිරිඳ ගැන අද අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය..!

Report

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය හා ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට පත්ව සිටියි.

ඔවුන් දෙදෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 18වැනිදා ඉදිරිපත්කරනු ලැබූ අතර, එහිදී දෙදෙනාගේම ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිද අද දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

You may like this video