හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ට මොකද වුණේ?. අද ලැබුණ ආරංචිය මෙන්න..

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ වාහනයක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ඔහුව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

ඩොලරයට අද වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

ඩොලරයට අද වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති හතරක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්න මහතා විරුද්ධ වී ඇත.

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

ඒ වෙනුවෙන් කෙටි දිනයක් ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව නොවැම්බර් 29 වනදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස නියෝග කළේ ය.