පළාත් පාලන ආයතනවලට අලුතින් සල්ලි හොයන්න අතටම වැඩිපුර සල්ලි දෙයි
පළාත් පාලන ආයතන මුහුණදෙන ප්‍රතිපාදන හිඟයට පිළියමක් ලෙස ආදායම් උත්පාදන මාර්ග අලුතින් නිර්මාණය කිරීමට හෝ පවතින මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ලබන වසරේ සිට මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතනවලට ලබාදෙන ප්‍රතිපාදන ඉහළ නැංවීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා අනාවරණය කළේය.
මෙම තීරණය අනාවරණය වූයේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් සභා සහ පළාත් පාලන ප්‍රගති සමාලෝචන සමුළුවේදීය. සමුළුවට අමාත්‍ය චන්දන අබයරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරු ප්‍රධානත්වය ගත්හ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) එකඟතා අනුව පළාත් මට්ටමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු සමාලෝචනය කිරීමේ අරමුණින් ආරම්භ කළ පළාත් ප්‍රගති සමාලෝචන සමුළු මාලාවේ මධ්‍යම පළාත් සමුළුව මෙය විය.
රජය බලාපොරොත්තු වන සංවර්ධනයත් පොදු ජනතාවගේ සුභසිද්ධියත් වේගවත් කිරීම උදෙසා පැවැත්වෙන මේ සමුළු මාලාවේ දකුණ, ඌව, උතුරුමැද, උතුර හා නැඟෙනහිර යන පළාත් සමුළු මීට පෙර පැවති අතර, ඉතා කඩිනමින් බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත් තුළද මෙම ප්‍රගති සමාලෝචන සමුළු පැවැත්වීමට නියමිතය.