පුංචි ඡන්දයට ඡන්ද දායකයින් 155,976ක් ..

By Shehan Mar 11, 2025 05:30 AM GMT
Report

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ට අමතරව මෙම නව ඡන්ද දායකයින් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු නීතිය කඩ කළොත් බලාගෙනයි...

අද මධ්‍යම රාත්‍රියෙන් පසු නීතිය කඩ කළොත් බලාගෙනයි...

2024 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවන දින සහ 2025 වර්ෂයේ පෙබරවාරි මස පළමු වන දින සහතික කරන ලද පරිපූරක ඡන්ද හිමි නාමලේඛනවලට අනුව නව ඡන්ද දායකයින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

කුරුම්බා අලෙවිය පසුපස CIDය

කුරුම්බා අලෙවිය පසුපස CIDය

ඒ අනුව මෙවර පළාත් පළාන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ 96,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මූලික කටයුතු සියල්ල මේ වනවිටත් සකස් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.