මත්පැන් සම්බන්ධයෙන් පැතිර යන අලුත්ම ආරංචිය..මිල වෙනස් වෙයි?..

Business Mobile Sri Lanka Businessman
By Aruna May 17, 2023 05:58 AM GMT
Aruna

Aruna

Report

අධික මත්පැන් මිල සහ පරිභෝජන ඉල්ලුමේ වේගවත් පහත වැටීම සැළකිල්ලට ගනිමින්, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට මත්පැන් ලබාදෙන ලෙසට මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයන් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරනවා.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයන් පිරිසක් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති විශේෂ හමුවකදී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

මෙම රැස්වීමේ දී ඉහළ යන මත්පැන් මිල සහ මත්පැන්පරිභෝජනය විශාල ලෙස පහත වැටී ඇති බවට මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුව ඇත.

රජය විසින් මත්පැන් සඳහා බදු වැඩි කිරීම සහ දේශීය ස්ප්‍රීතු මිල ඉහළ යෑම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ තම සමස්ත අලෙවිය 40% කින් පහත වැටී ඇති බව නිෂ්පාදකයන් මුදල් රාජ්‍ය ඇමැතිවරයාට පෙන්වාදී තිබේ.

‘ගල් අරක්කු’ ලෙසින් පාරිභෝගිකයන් අතර ප්‍රචලිත මත්පැන් වර්ගයේ මිලි ලීටර් 750 බෝතලයක් රජයේ සියලුම බදුවලින් පසු දැනට රුපියල් 3,000ක් වන අතර එහි ‘කාල බෝතලයක්’ රුපියල් 750ක් වේ. සාමාන්‍ය ජනතාවට හෝ දෛනික වැටුප් ලබන කම්කරුවකුට රුපියල් 750ක් ගෙවා අරක්කු කාල බෝතලයක් මිලදී ගත හැකිද යන්න පෙන්වාදී ඇති නිෂ්පාදකයන්, මේ නිසා සෞඛ්‍යයට අනතුරුදායක හොර ස්ප්‍රීතු හෝ කසිප්පු වැනි මිල අඩු විකල්ප වෙත ජනතාව යොමු වන බවද පෙන්වාදී ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now