බාර් හෙට සිට දවස් 17ක් වැහෙනවා.. මෙරට මත්පැන් ලෝලින්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න..

Festival Kataragama Temple Sri Lanka Latest Headlines Decision Making
By krishani Jul 05, 2024 01:09 PM GMT
krishani

krishani

Report

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

බාර් හෙට සිට දවස් 17ක් වැහෙනවා.. මෙරට මත්පැන් ලෝලින්ට තරු විසි වෙන ඒ ආරංචිය මෙන්න.. | Liquor Shops Closed For 17 Days In Kataragama

ඒ රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් ය.

ඒ අනුව ජූලි මස 06 වනදා සිට ජූලි මස 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙයි.

කෙසේ වෙතත්, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය හෙට (06) දිනෙන් ආරම්භ වේ.

රටපුරා ඉන්ධන පිරවුම්හල් අලෙවිය වහාම නවතා දමයි.. පිරවුම්හල් වල එක දිගට දිගු පෝලිම්..

රටපුරා ඉන්ධන පිරවුම්හල් අලෙවිය වහාම නවතා දමයි.. පිරවුම්හල් වල එක දිගට දිගු පෝලිම්..


මේ අතර, බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවය.

ඩොලරයට එකපාරටම මේ මොකක්ද වුණේ?. අද වුණ දෙය මහ බැංකුව කියයි..(PHOTO)

ඩොලරයට එකපාරටම මේ මොකක්ද වුණේ?. අද වුණ දෙය මහ බැංකුව කියයි..(PHOTO)


මේ වන විට පුද්ගලයන් ලක්ෂ 23ක් TIN අංකය ලබා ගෙන ඇති බව සඳහන් වන අතර ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන ඇත.

අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවය.