ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දුෂණය අයහපත් තත්ත්වයට පත්ව තිබෙනවා.
දිල්ලි නගරය සේම මේ වන විට මුම්බායි නුවරද වායු දුෂණය අයහපත් බැවින් දීපවාලි උත්සවය දිනයේ දී රාජකාරි වේලාවන් තුළ නගරයේ ගිනි කෙළි භාවිතය සීමා කරන ලෙසට මුම්බායි මහාධිකරණය නියෝග කර තිබෙනවා.
දීපවාලි උත්සවයේදී මුම්බායි නගරය තුළ ගිනි කෙළි භාවිත කළ යුතු වන්නේ රාත්‍රී 7 සිට 10 දක්වා පැය 03ක කාලයේ බව එම නිවේදනයේ සඳහන්.