අකුණු අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ -දිස්ත්‍රික්ක 13 කට අද රතු අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (10) දින දැඩි අකුණු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 13 කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 07 කට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ප.ව. 1.00 න් පසු ඇතැම් ස්ථානවල දැඩි අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.