ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය ඩිජිටල් ආකාරයෙන්

Report

ශ්‍රී ලංකාවේ පාරිසරික තොරතුරු සම්පාදනයේ හා බෙදාහැරීමේ ප්‍රධානතම මධ්‍යස්ථානය වන ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය සම්ප්‍රදායික පුස්තකාල පද්ධතියෙන් ඔබ්බට ගොස් නවීන ඩිජිටල් පුස්තකාල සංකල්පය යටතේ සංවර්ධනය කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා පාරිසරික ගවේෂණ, වාර්තා සහ නවතම තොරතුරු එකතු කරමින් පරිශීලකයන්ට විශ්වාසනීය දැනුම් මූලාශ්‍රයක් ලෙස සේවය කරයි.

ජල කප්පාදුවක් කරනවද? මෙන්න තීරණය

ජල කප්පාදුවක් කරනවද? මෙන්න තීරණය

පර්යේෂකයන්, විශ්‍රාමික ශිෂ්‍යයන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළුව සොබාදහම, පාරිසරික වෙනස්කම්, ලෝක පාරිසරික සංකල්ප සහ තිරසාරත්වය පිළිබඳ ගැඹුරු දැනුම ලබාගැනීමට කැමැත්තක් ඇති සියලු දෙනාට මෙම ඩිජිටල් මධ්‍යස්ථානය විවෘතව පවතී.

පාරිසරික දැනුම ලබාගැනීමට උනන්දුවක් ඇත්නම්, පහත දුරකථන අංකවලට අමතා සම්බන්ධ විය හැකිය: 011-2872419 / 011-2872278 / 011-2873447 / 011-2873448 / 011-2888999

ලක්ෂ 30ක මත්කුඩු තොගය සමග පුද්ගලයෙක් කොටු

ලක්ෂ 30ක මත්කුඩු තොගය සමග පුද්ගලයෙක් කොටු