උසාවියට අපහාස කළ නීතීඥවරිය නිදහස් කිරීමට නියෝග

By Dilasha Mar 31, 2025 08:15 AM GMT
Report

පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මෙම නීතීඥවරිය උසාවියට අපහාස කළේ යැයි යන චෝදනාව මත බවත් නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාදීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.   


ටිරාන් අලස් අද CIDට

ටිරාන් අලස් අද CIDට


ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට!

ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට!