ගල්කිස්ස අධිකරණයේදී පොලිස් නිලධාරියෙකු නීතීඥවරයෙකුට පහරදුන් සිද්ධිය - CCTV ඔස්සේ විමර්ශන

Report

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ සිද්ධියක් සම්බන්ධයෙන්, අධිකරණ පරිශ්‍රයේ CCTV දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට ගැනීමේදී ඇති වූ ගැටුමකදී, පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලඩු පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව එම පොලිස් නිලධාරියා ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිඥයාට පහර දුන් සිද්ධියට නීතිඥ සංගමයෙන් නිවේදනයක්

නීතිඥයාට පහර දුන් සිද්ධියට නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

මේ අතර, එම සිද්ධියට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු විසින් අදාළ පොලිස් නිලධාරියාට බැන තර්ජනය කරමින්, රාජකාරියට සාපරාධී බලහත්කාරය යෙදූ බවට චෝදනා එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන්ද ගල්කිස්ස පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

EXCLUSIVE - පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් අසාර්ථක වුවහොත් ආරක්ෂිත ස්ථානයක් ගැන තොරතුරු හෙළිවේ

EXCLUSIVE - පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් අසාර්ථක වුවහොත් ආරක්ෂිත ස්ථානයක් ගැන තොරතුරු හෙළිවේ

පාස්කු ප්‍රහාරය ගැන අධිකරණ ඇමතිම කතා කරයි

පාස්කු ප්‍රහාරය ගැන අධිකරණ ඇමතිම කතා කරයි