"කාටවත් නවත්වන්න බෑ" - ඇමති ඇතුළු පොලිසිය ඉදිරි මාස 06 තුළ කරන්න යන දේ මෙන්න. - (VIDEO)
ඉදිරි මාස 06ක කාලය තුළ රටේ නීතිය හා සාමය දැඩිව පවත්වාගෙන යාම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් ඉක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම එම වැඩපිළිවෙලට බාධා කරන කිසිදු පාර්ශ්වයකට තමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව යටත් නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.