නීති සිසුන් ගාලු මුවදොර පිටියේ මාර්ග බාධකය අසල උණුසුම් කරයි... (VIDEO)
ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව අප වාර්තාකරු පවසනවා.
එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වාර්තා වන්නේ.
අද (24) කොළඹ නීති විද්‍යාල සිසුන් පිරිසක් මාර්ග බාධක හරහා ගමන් කිරිමේදි ඔවුන්ට යාමට නොදිම හේතුවෙන් කලබලකාරි තත්ත්වයක් මතුවුනා.
ඔවුන් මාර්ග බාධකය අසල සිටින පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මාර්ග බාධක යෙදිමට නියෝග දුන් අධිකරණ නියෝගයක් පෙන්නන ලෙසයි .
තවද ඔවුන් මානව හිමිකම් කොමිසමට පැම්ණිල්ලක් ඉදිරිපත් කරන බවද පවසයි.
එම විඩියෝව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |