අපරාධකරුවන්ට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට නීතිය තදින්
පසුගිය කාලයේ වෙඩි තැබීම් සම්බන්ධ සිදුවීම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සහ අධිකරණ නියෝග අනුව විමර්ශන ගණනාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.
එම විමර්ශනවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අවි ආයුධ, දේපල පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එලෙස අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට සැඟව සිටීමට හෝ නවාතැන් පහසුකම් ලබාදෙමින් ඒ සඳහා අනුබල ලබාදෙන ඕනෑම පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.