මග බලන් හිටියා ඇති - ලාෆ්ස් ගෑස් හා ලිට්රෝ ගෑස් ගැන නිවේදනයක්
ලාෆ්ස් ගෑස් පීඑල්සී පවසන්නේ LP ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් SINAR TORAJA නෞකාව අද දිවයිනට පැමිණී බවයි.
මධ්‍යම රාත්‍රියේ ගොඩබස්වන ලද ගෑස් තොගය මධ්‍යම රාත්‍රියේ සිට වෙළඳපොළට බෙදා හරින බව එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පැවසීය.
මේ අතර, LP ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් තවත් නෞකාවක් ද මෙරටට පැමිණ ඇති බව ලිට්රෝ ගෑස් ලංකා නිවේදනය කළේය.
මෙම තොගය බෙදා හැරීම අද උදෑසන ආරම්භ වන බව සමාගම පැවසීය. ලිට්රෝ ගෑස් ලංකා සමාගම දැනට දිනකට LP ගෑස් මෙට්‍රික් ටොන් 1,200 ක් පමණ වෙළඳපොළට නිකුත් කර ඇත.