ජුනි මාසයේ ගෑස් මිල ගැන ලාෆ්ස් කියයි
ජුනි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (01) ප්‍රකාශ කළේය.
මෙම තීරණය පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙන බවත්, වත්මන් ආර්ථික තත්ත්වය හා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළාමින් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළඳපොළේ තෙල් හා ගෑස් මිල ගණන්වල උච්චාවචනයන්, ඩොලරයට සාපේක්ෂව ශරී ලංකා රුපියලේ විනිමය අනුපාතිකය, සහ දේශීය බෙදාහැරීමේ පිරිවැය යනාදී සාධක සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි. "අපි ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ගණන් හා ආර්ථික තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කළා. ඒ අනුව, ජුනි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනයකින් තොරව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට තීරණය කළා," යැයි ආචාර්ය පීරිස් මහතා පැවසීය.