පොහොර මිල සම්බන්ධයෙන් අලුත්ම ආරංචියක්

Government Of Sri Lanka Price Sinhala news
By Ashfa May 02, 2025 11:20 AM GMT
Ashfa

Ashfa

Report

පොහොර වල මිළ ඉහළ යෑමේ කිසිදු තර්කයක් නෑ, පොහොර හිඟ වෙනවා කියලා කිසිදු හෝඩුවාවක් නෑ,පොහොර රටේ තියෙනවා ,පොහොර මිළ ගණන් විශාල වශයෙන් ඉහළ ගීහින් නෑ, ඒ නිසා මේකේ ලොකු අර්බුධයක් එන්නේ නෑ ඒ නිසා භය වෙන්න එපා, මේ සම්බන්ධයෙන් කළබල වෙන්න එපා, කළබල කරන්නත් එපා කියලා මාධ්‍ය ආයතන වලින් වගකීමෙන් ඉල්ලා සිටිනවා.

ගොවි ජනතාව ඉතාමත් සතුටින් ඉන්නේ වී මිළ සම්බන්ධයෙන් හා පොහොර සහනාධාරය වැඩි කිරීම සහ රජය ගොවියා වෙනුවෙන් දක්වන දායකත්වය සම්බන්ධයෙන් යැයි ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න...! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා!

‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න...! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා!

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ලෝක කම්කරු දිනය සමරන එක අපේ යුතුකමක්, වගකීමක්. මෙවර විශේෂත්වය තමයි අපි රජයක් විදිහට, ආණ්ඩුව හොබවන පාර්ශවය විදිහට මැයි රැළිය පැවැත්වුයේ, ඒ නිසා ඒ අභිමානය අපිට ගන්න ඕනකම තිබුණා.

අපි ගෝල්ෆේස් පිට්ටනිය ඒ වෙනුවෙන් වෙන් කර ගත්තා.රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වෙනුවෙන් සහභාගී වුණා.අපි ඉතාමත් හොඳින් අභිමානවත් විදිහට 2025 මැයි රැළිය අපි සැමරුවා, සමහර රැළි මැයි රැළි නෙමෙයි සාකච්ඡා, සමහර ඒවා කාර්යාල ඇතුලේ ගුළි වෙච්ච ඒවා, සමහර කට්ටිය අතහැරලා, රනිල් වික්‍රමසිංහ මහත්තයලා මැයි රැළියක් නෑ, සමහර ඒවා පොඩි පොඩි අහුමුලු වල ඒක තමයි ඇත්ත යථාර්තය.

අපි ජාතික ජන බලවේගය විදිහට අභිමානවත්ම මැයි රැළිය 2025 මැයි 01 වැනිදා ගෝල්ෆේස් පිටියේදී පැවැත්වුවා. එමෙන්ම පොහොර සම්බන්ධයෙන් ගත්තාම මේ කන්නයට අදාළ යූරියා, ටී.එස්.පී පොහොර ප්‍රමාණවත් පරිදී රටේ තියෙනවා, අපි ඊයෙත් පොහොර සමාගම් සමඟ සාකච්ජා කළා, මේ කන්නයට අවශ්‍යය පරිදී ප්‍රමාණවත් ලෙස අවශ්‍යය ප්‍රමාණයන්ගෙන් පොහොර තියෙනවා.

අපි රට පුරා තියෙන පොහොර අලෙවිකරන ආයතන වලින් මිළ ගණන් ලබා ගෙන බැලුවා, පොඩි මිළ ඉහළයෑමක් තියෙනවා, ගිය කන්නයේ විශේෂත්වයක් තිබුණේ අපි ගොවිජන සේවා හරහා අපිට තිබුණා යූරියා ප්‍රමාණයක් රුපියල් 7500 ගානේ දෙන්න පුලුවන්කම තිබුණා නමුත් ඒ වෙලාවේ වෙළඳපොලේ තිබුණේ රුපියල් 8300, 8500 වගේ මිළ ගණන් වලින්.නමුත් මේ වන විට යූරියා රුපියල් 200 කින් 300 කින් ඉහළ ගිහින් තියෙනවා.ගොවියෝ අතර හදපු මතයක් තියෙනවා.

අපි පොහොර ගෙන්වන්නත් දාලා තියෙනවා, ඒවා ඉදිරියේදී එන්නේ, ඒවායේ එළවලු ඇතුලු අතිරේක භෝග වගාවන්ට අවශ්‍යය පොහොර තියෙන්නේ. මේ සම්බන්ධයෙන් කළබල වෙන්න එපා, කළබල කරන්නත් එපා කියලා මාධ්‍ය ආයතන වලින් වගකීමෙන් ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායකතුමාගේ රැස්වීම් කීපයක් බලන්නකෝ විපක්ෂ නායකතුමාගේ රැස්වීම් වල තියෙන්නේම පොහොර සහනාධාරය දුන්නේ නෑ, පොහොර දුන් නෑ, ගොවියට පොරොන්දු දුන්නා ඉෂ්ඨ කරේ නෑ කියලා.හැබැයි මතක තියා ගන්න මේ යල කන්නයේ පොහොර සහනාධාරය වී වලට විතරක් නෙමෙයි වාරී බිම් වල වගා කරන අතිරේක භෝග වලටත් අපි පොහොර සහනාධාරය දීලා තියෙන්නේ.

ඒ නිසා පොහොර සහනාධාරය දීලා තියෙන්නේ ගොවියට, පොහොර හිඟයක් ආවේ නෑ, පොහොර සහනාධාරය රුපියල් 15 000 සිට 25 000 දක්වා වැඩි කරලා තියෙන්නේ.වී මිළ රුපියල් 120 ක් කරලා ගොවියට හොඳ වී මිලක් ලැබුණා.

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද

ඒ නිසා ගොවියෝ දන්නවා ඇත්තටම විපක්ෂ නායකුමාට කියන්න කැමතියි 06 වැනිදා ප්‍රාදේශීය සභා ඡන්දය ජාතික ජන බලවේගය දිනන එකේ විශාල කොටසක් ගොවි ජනතාව අපි ගම්වල යනවානේ, සාකච්ජා කරනවානේ, ගොවි ජනතාව ඉතාමත් සතුටින් ඉන්නේ වී මිළ සම්බන්ධයෙන් හා පොහොර සහනාධාරය වැඩි කිරීම සහ රජය ගොවියා වෙනුවෙන් දක්වන දායකත්වය සම්බන්ධයෙන් යැයි ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

ReeCha