පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ගැන අලුත්ම ආරංචිය
2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබුණු පාසල් නිල ඇඳුම් රෙදි සියල්ල බෙදාහැර අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට මෙන්ම රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් සහ ගිහි සිසුන් සඳහා මෙම රෙදි ලබාදී තිබේ.
මෙම වැඩසටහන යටතේ, රෙදි මීටර් මිලියන 11.484 ක් මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්රදානය කර ඇති අතර, සිසුන් 4,418,404 දෙනෙකු සඳහා එය බෙදාහැරීම මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.