දේශනයක් අතර තුරදී හිටපු අගමැතිවරයෙක් අවාසනාවන්ත ලෙස මියයයි.

By Aruna Oct 13, 2024 04:30 AM GMT
Report

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඇලෙක්ස් සැල්මන්ඩ් ජීවිත්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්කොට්ලන්තයේ විසූ 69 හැවිරිදි වියේ පසුවුණ ඔහු හදිසි රෝගාතුර තත්වයක් හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

උතුරු මැසිඩෝනියාවේ දේශනයක් පවත්වා මිනිත්තු කිහිපයකට පසු ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇලෙක්ස් සැල්මන්ඩ් 2007 සිට 2014 දක්වා වසර 07 ක කාලයක් ස්කොට්ලන්තයට නායකත්වය ලබා දුන් විශිෂ්ඨ පුද්ගලයෙක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.