දසුන් ශානකට එරෙහි කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලසිත් මාලිංග කට අරියි.

Sri Lasith Malinga Sri Lanka Cricket Sri Lanka Dasun Shanaka
By Wayomi Jun 26, 2023 12:17 PM GMT
Wayomi

Wayomi

Report

දසුන් ශානක කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් කිරීමට ක්‍රියාත්මක වන සැලසුමක් ගැන ලසිත් මාලිංග තම හඬ අවදි කර තිබෙනවා.

" අනිත් අය තරග ගැන කතා කරන දේවල් ගැන දැක්කම හිතෙනවා යම් කිසි දෙයක් හදනවදෝ කියලා දසුන් ශානකගේ නායකත්වය ඉවත් කරලා වෙනත් නායකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට පත් කරන්න.ඒ නිසා ශ්‍රි ලංකාව විශේෂ විස්තර විචාරය කරන අයට ඉතාමත් ආදරයෙන් මං ඉල්ලනවා තමන් කැමති ක්‍රීඩකයින් ඇති.

නමුත් මේ වෙලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයයි වැදගත් වන්නේ.තමන් කැමති ක්‍රීඩකයා නායකයා වෙනවද?තමන් කැමති ක්‍රීඩකයා කණ්ඩායමේ ඉන්නවද කියන එක නෙවෙයි.ඉතින් ඒක නිසා ඒ ගැන කතා කරන්නේ නැතුව අපට දැන් ඉන්න කණ්ඩායමට ශක්තිය,ධෛර්‍යය වර්ධනය කරන එක තමයි වැදගත් වෙන්නේ. " 

ReeCha