අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ ලාංකිකයින් අද දිවයිනට...

By Parami Dissanayake Jul 06, 2024 05:57 PM GMT
Report

අද (06) සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, පසුගිය ජූලි පළමු වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට අනාවරණය කර තිබූ බවයි.

ජනතා සංවාදයට ආ සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළ...

ජනතා සංවාදයට ආ සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළ...

ඒ අනුව එරට ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලය මඟින් සිදු කළ සොයා බැලීමේදි ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකුද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට හදුනාගෙන ඇත.

ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසද සති දෙකක් තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව සඳහන් වේ. මෙම පිරිස දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය විසින් සිදු කිරීමට නියමිතව ඇත.