ලංකා - පකිස්තාන් තීරණාත්මක තරඟය අද.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තරඟයක් අද (14) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟයයි.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට තරඟය ආරම්භ වීමට නියමිතය.
කණ්ඩායම් දෙකටම අද තරඟය තීරණාත්මක වන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.
අද තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අවසන් මහ තරඟය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වෙනවා.
අවසන් මහා තරඟය ලබන 17 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.