ලංකා - බංගලිදේශ ගැටුම අද..පටන් ගන්න වේලාව මෙන්න..

Report

 ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඒ බංගලාදේශ කණ්ඩායම සමඟයි.

ඊයේ පවතී ආසියානු කුසලාන පළමු තරඟයෙන් නේපාල් කණ්ඩායම පරදා ලකුණු 238 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 342ක් රැස් කළ අතර, නායක බාබර් අසාම් ලකුණු 151ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 109ක් රැස් කරනු ලැබුවා.

නේපාල කණ්ඩායමට පිළිතුරු ඉනිම ලෙස පන්දුවාර 23යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබා ගනු ලැබුවේ ලකුණු 104ක් පමණයි.