මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න ඔයාටයි මේ අනතුරු ඇඟවීම්...
By Piyumika
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ
ඒ අනුව අදියර 1 යටතේ අද (15) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගහ කෝරළය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
You may like this video