එන්න එන්නම තත්ත්වය දරුණු අතට.. නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන ..

Sri Lanka Department of Meteorology Landslide In Sri Lanka
By Piyumika Nov 26, 2024 02:20 AM GMT
Piyumika

Piyumika

Report

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

තවද එම සංවිධානය පැවසුවේ අයහපත් කාළගුණයත් සමග කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්ව සිටින ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙසය.

මොකක්ද මේ පාස්කු ප්‍රහාරය ගැන එළියට ආපු අලුත්ම කරුණ...

මොකක්ද මේ පාස්කු ප්‍රහාරය ගැන එළියට ආපු අලුත්ම කරුණ...

අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

බදුල්ල දිස්ත්‍රික්කය - මීගහකිවුල, පස්සර, හාලිඇල සහ බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කය - දෙල්තොට, ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපළාත, මාතර දිස්ත්‍රික්කය - විල්ගමුව, අඹන්ගඟ කෝරළය, නුවරඑළිය දිස්ත්‍රික්කය - හඟුරක්කෙත, වලපනේ.

ඉල්ලන දේ දුන්නේ නැත්තම්.. සුජීව සේනසිංහ සජබයට ටටා බායි කියන්න සුදානමක්?..

ඉල්ලන දේ දුන්නේ නැත්තම්.. සුජීව සේනසිංහ සජබයට ටටා බායි කියන්න සුදානමක්?..

අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

බදුල්ල දිස්ත්‍රික්කය - හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල, ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කය - නාගොඩ, බද්දේගම, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කය - බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කය - පාතදුම්බර, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කය - යටියන්තොට, කෑගල්ල, බුලත්කොහුපිටිය, මාතර දිස්ත්‍රික්කය - රත්තොට, නාවුල, උකුවෙල, ලග්ගල පල්ලේගල, මාතලේ, මාතර දිස්ත්‍රික්කය - පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව කෝරළය, රත්නපුර දිස්ත්‍රික්කය - පැල්මඩුල්ල, ඉඹුල්පේ, කහවත්ත, ඕපනායක, රත්නපුර, බලංගොඩ.


You may like this video

ReeCha