ජාතික රූපවාහිනී සහ ලේක්හවුස් සභාපතිවරුන් හදිසි තීරණයක් ගනී..
එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(ලේක්හවුස්) හා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා ලේක්හවුස් සභාපති ලෙස කටයුතු කළ අතර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට බාර දී තිබෙන බවයි පැවසෙන්නේ.
ඩබ්ලිව්.බී. ගනේග මහතාද ජාතික රූපවාහිනී සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට නියමිත බවද වාර්තා වනවා.