අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..
🔴 මේෂ ලග්නය
ශුභවාදී ඵල දෙයි. ක්‍රියාශීලීව කටයුතුවල යෙදෙන දිනකි. අතරමඟ නතර කළ රාජකාරි ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන, ලාභ ලබන දිනකි. සිරසගත රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: තද රෝස
🔴 වෘෂභ ලග්නය
දුර ගමන් සැලසුම් කරයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළ යයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: සුදු
🔴 මිථුන ලග්නය
දුර ගමන් යෙදේ. තරමක් වැය පස ද ඉහල යන දිනකි. දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අමතර ලාභ ද ලබයි. හෘද ආබාධ ඉදිමුම් රෝග දෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කොල
🔴 කටක ලග්නය
ක්‍රියාශීලී දිනකි. ආගමික වතාවත් මුල්කර ක්‍රියාකාරකම්වල යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල ද යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. තරමක් සැනසිලි සිතුවිලි මත ක්‍රියා යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: රන්වන්
🔴 සිංහ ලග්නය
ක්‍රියාශීලී දිනකි. ආගමික උත්සව සංවිධානයට හේතු ඇතිවෙයි. තරමක් වැය පස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. අමතර ධන ලාභ ද මතු කරයි. ශිරෝ රෝග මුඛ රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි
🔴 කන්‍යා ලග්නය
ක්‍රියාකාරී දිනකි. තරමක් සැනසිලි ස්වභාවයෙන් ක්‍රියා කරයි. දහමට ලැදි වන අතර දාන ශීලාදී ක්‍රියා කාරකම්වල යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. වැයපස ඉහළ යයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතුවේ. ජය අංකය: 06 ශුභ වර්ණය: සුදු
🔴 තුලා ලග්නය
ශුභාශුභ ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. මූල රෝග, බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: ක්‍රීම්
🔴 වෘශ්චික ලග්නය
ශුභවාදී ඵල දෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලි ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ. ජය අංකය: 08 ශුභ වර්ණය: රතු
🔴 ධනු ලග්නය
ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. ජය අංකය: 01 ශුභ වර්ණය: රෝස ලග්නය
🔴 මකර ලග්නය
තරමක් අවිවේකී දිනකි. දුරගමන් ද යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම අනුශාසකයන් සමග සීල ගුණධර්මවල යෙදේ. පොදු සත්කාරක ක්‍රියා වැනි දේවල්හි ද යෙදේ. ආමාශ ගත රෝග සන්ධි රෝග මතු වේ. ජය අංකය: 08 ශුභ වර්ණය: නිල්
🔴 කුම්භ ලග්නය
වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවලට හේතුයි. දාන ශීලාදී ගුණධර්මවලද යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරයි. තරමක් මිල මුදල් වැය කරන දිනකි. අමතර ලාභ ලබයි. ශිරෝ රෝග උෂ්ණ රෝග සාදයි. ජය අංකය: 09 ශුභ වර්ණය: දම්
🔴 මීන ලග්නය
ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි. සුහදතා වර්ධන ක්‍රියා කාරකම් යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. සතුරු බලපෑම් ධමනය වෙයි. රක්ත වාත රෝග මුත්‍ර රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: තද කහ
සතියේ ලග්න පලාඵල ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න
