අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ සහ ප්‍රේම සබඳතා වැඩි වන දිනයක්..මේ ලග්න වල අය දෙකම උත්සාහ කරල බලන්න..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Oct 25, 2024 12:00 AM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ක්‍රියාකාරි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන දිනකි. ප්‍රිති උත්සව සාද වැනි දේවල් යෙදේ. ප්‍රේම සබඳතා මෙන්ම නවක මිතුදම් ද ඇතිවෙයි. ශීර්ෂ රෝග, උෂ්ණ රෝග සෑදෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: රතු

🔴 වෘෂභ ලග්නය

ක්‍රියාකාරි දිනකි. නව වැඩකටයුතු නිර්මාණ ඇරඹීමට ශුභයි. උගතුන් හා වියතුන් ද ඇසුරට පත්වෙයි. දුර ගමන් බිමන් ද යෙදෙන විනෝදජනක ක්‍රියා වැනි දේවල් යෙදෙන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: දම්

🔴 මිථුන ලග්නය

උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමට හේතුයි. සම්මුඛ සාකච්ඡා සඳහා ශුභ දිනකි. තම අරමුණු තරමක් ජය ගෙන දෙයි. ලාභ ද ලබයි. උදර රෝග, පෙණහලු රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: කොළ

🔴 කටක ලග්නය

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. මංගල සාද උත්සව වැනි දේ යෙදේ. මිල මුදල් වැය වන අතර තම අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලබයි. මුත්‍රා ආසාදන, උෂ්ණ රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: කහ

🔴 සිංහ ලග්නය

දුර ගමන්, වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල ද යෙදෙන අතර නිදහස් මනසින් ක්‍රියාකරයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ශිරෝ රෝග මතු කරන දිනකි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

🔴 කන්‍යා ලග්නය

ක්‍රියාකාරකම් බහුල දිනකි. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියා, ආගමික වතාවත් ආදියහි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. තම අරමුණු ජය ගනී. සෙම් කෝප රෝග මතු කරන දිනකි. ජය අංකය: 06 ශුභ වර්ණය: රන්වන්

🔴 තුලා ලග්නය

දාන ශීලාදී ක්‍රියාවන්හි යෙදේ. සහනදායි සිතුවිලි මත ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට හෝ එවැනි දේවලට සහභාගි වීමට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. වැය පස ඉහළ යයි. බඩවැල් ආශ්‍රිත රෝග මූල මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: ළා නිල්

🔴 වෘශ්චික ලග්නය

සුපුරුදු ක්‍රියාකාරකම්වලින් ඉවත්ව දහමට ළැදිව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. දුරගමන්, වන්දනා ගමන් ද යෙදෙන අතර පොදු සේවා උත්සවවල ද යෙදේ. වාතාධික රෝග මතු කරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: තද රෝස

🔴 ධනු ලග්නය

දහමට ළැදිව ක්‍රියා කරන අතර ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. තරමක් මිල මුදල් වැයවේ. තම වටිනාකම තම ඥාතීන් අතර ඇතිවෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: කහ

🔴 මකර ලග්නය

ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලි දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. පරාර්ථය මුල් කර ක්‍රියා කරයි. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග, මූල රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: නිල්

🔴 කුම්භ ලග්නය

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව ආගමික වතාවත් දාන ශීලාදි ගුණ ධර්මවල යෙදේ. තම ඥාතීන් අතර ගෞරව ලාභ ලබයි. ඇසුරු කරන්නෝ දහමට යොමු කරවයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා රෝස

🔴 මීන ලග්නය

ශුභාශුභ ඵල දෙයි. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. ආගමික උත්සව සංවිධානයට සහභාගි වීමට හේතුයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට ද හේතුයි. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: දම්