අද මල් සරාගෙ බැල්ම හෙළන ග්‍රහයෝගයක්..විවාහ අපේකෂකයින්ට ශුභයි...

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Oct 23, 2024 12:04 AM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

තරමක් ක්‍රියාකාරකම් බහුලයි. ගමන් බිමන්ද බහුලයි. රාජකාරි ස්ථානවල ද වැඩ අධික වීමෙන් තරමක් මනස නොසන්සුන් වෙයි. විනෝදජනක ක්‍රියාද යෙදෙන දිනකි. ශිරෝගත රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: රතු

🔴 වෘෂභ ලග්නය

දුර ගමන් යෙදෙන අතර ආගමික වතාවත් ද ගරු කර ක්‍රියාකරන දිනකි. ආගමික උත්සව සැලසුම් කරයි. ප්‍රීතිසාද යෙදේ. තම මිතුදම් වර්ධනය වන අතර හදිසි ලාබ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවෙයි. ජය අංකය: 04 ශුභ වර්ණය: අළු පැහැය

🔴 මිථුන ලග්නය

ක්‍රියාකාරී දිනකි. රජාකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජය ලබයි. වාත රෝග හෘද ආබාධ මතුකරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: කොල

🔴 කටක ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල උදාකරයි. දුර ගමන් යෙදේ. ප්‍රීතිසාද යෙදේ. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තම සැලසුම් ජයගනී. නව රැකියා ලාබ ලබයි. හදිසි ධන වාසනා ද ලබයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතු කරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කහ

🔴 සිංහ ලග්නය

ක්‍රියාශීලී දිනකි. ආගමික උත්සව සංවිධානයට හේතු ඇති වෙයි. තරමක් වැයපස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. අමතර ධන ලාබ ද මතුකරයි. ශිරෝ රෝග, මුඛ රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

🔴 කන්‍යා ලග්නය

ක්‍රියාකාරී දිනකි. තරමක් සැනසිලි ස්වභාවයෙන් ක්‍රියාකරයි. දහමට ලැදි වන අතර දානශීලාදී ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. වැයපස ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතු වේ. ජය අංකය: 06 ශුභ වර්ණය: සුදු

🔴 තුලා ලග්නය

දුර ගමන් වන්දනා ගමන් වැනි දේ යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දහමට ලැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත්වල ද යෙදේ. තරමක් වැය ඉහළයි. මූල රෝග භගන්දරා රෝග සාදයි. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම්

🔴 වෘශ්චික ලග්නය

ප්‍රීති උත්සව සාද වැනි දේවල්වල යෙදේ. ගමන් බිමන් බහුලයි. ආගමානුකූල චාරිත්‍රවල යෙදෙන දිනකි. විනෝද ගමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැපස ඉහළයි. ප්‍රමේහ වාත රෝග මතුවෙයි. ජය අංකය: 02 ශුභ වර්ණය: දුඹුරු

🔴 ධනු ලග්නය

ක්‍රියාශීලී දිනකි. තම නිවස උත්සවශ්‍රියාවක් මතුකරයි. ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන් වෙනුවෙන් වැයපස ද ඉහළ යයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාබ ගෙන දෙන දිනකි. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: රෝස

🔴 මකර ලග්නය

ශුභා ශුභ මිශ්‍ර ඵල උදාකරයි. තම පවුලේ අය ළඟම ඥාතීන් මුල්කර අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. දහමට ලැදිව ද ක්‍රියාකරයි. හදිසි රෝග ශල්‍යකර්ම වැනි දේට හේතුයි. ජය අංකය: 08 ශුභ වර්ණය: ලා නිල්

🔴 කුම්භ ලග්නය

ක්‍රියාකාරකම් බහුල දිනකි. ව්‍යාපාර ඉහළ මට්ටමක පවතී. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර අලංකාර දේ සඳහා වැයපස ඉහළයි. අමතර ලාබ ද ලබන දහමට ලැදි දිනකි. වාතාධික රෝග ඉදිමුම් රෝග මතුවේ. ජය අංකය: 01 ශුභ වර්ණය: දම්

🔴 මීන ලග්නය

අවිවේකී දිනකි. තම අවශ්‍යතා මෙන්ම තම ඥාතීන්ගේ අවශ්‍යතාවයන් මත ක්‍රියාකිරීමට සිදුවන නානා අවශ්‍යතා මත වැයපස ඉහළ යන දිනකි. උත්සව සැණකෙළි වැනි දේවලට ද සහභාගි වෙයි. ශිරෝගත රෝග, උෂ්ණාධික රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: ලා කොල