අද මල්සරාගෙ හීසර පහර වදින ග්‍රහ යෝගයක්..තරුණ තරුණියන්ට සුබ ආරංචියක්.

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Oct 15, 2024 10:58 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. දුර ගමන් ද යෙදෙන තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට සිදුවන දිනයකි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි ද යෙදේ. සෙම්කෝප රෝග, සිරසගත පීඩා මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: රතු

🔴 වෘෂභ ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියා ද යෙදේ. උත්සව, සම්මුඛ සාකච්ඡා වැනි දේ යෙදේ. විදෙස්ගතවීම් රැකියා ආදියෙහි යෙදෙන අතර මිල මුදල් ද තරමක් වැයවේ. රක්ත ප්‍රමේහ රෝග, සන්ධි රෝග මතුවේ. ජය අංකය: 04 ශුභ වර්ණය: ක්‍රීම්

🔴 මිථුන ලග්නය

රාජකාරි බහුල වීමෙන් තරමක් විවේකය හීනයි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. ඇසුරුකරන්නන් අතර ප්‍රධාන වේ. හදිසි ධන ලාභ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ

🔴 කටක ලග්නය

ක්‍රියාකාරී දිනකි. රාජකාරිවලදී කැපී පෙනේ. ප්‍රීති උත්සව, සාද වැනි දේවල්හි යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ද ඉහළ යයි. අමතර ගමන් බිමන් යෙදෙන දිනකි. ශීර්ෂ රෝග, පාද ආබාධ මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: සුදු

🔴 සිංහ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු ක්‍රියාවන්ගෙන් තරමක් දුරස්ථව ක්‍රියා කරයි. දහමට ළැදිව ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවෙයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

🔴 කන්‍යා ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. අලස ගති මතුවෙයි. ලිවීම, කියවීම වැනි දේට මුල් තැන දෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුවෙයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතුවෙයි. ජය අංකය: 04 ශුභ වර්ණය: රෝස

🔴 තුලා ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල මතුවෙයි. කෙටි ගමන්වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපස ද ඉහළ යයි. ආර්ථික ප්‍රශ්න මතුකරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශගත රෝග මතුවෙයි. ජය අංකය: 06 ශුභ වර්ණය: සුදු

🔴 වෘශ්චික ලග්නය

ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් සීමාවෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. සෙම්කෝප රෝග මතුවෙයි. ජය අංකය: 02 ශුභ වර්ණය: ළා රතු

🔴 ධනු ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. නව ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි. අලසකම මතු කරයි. නිවස තුළ වැඩි කලක් ගතකරයි. ආර්ථික පීඩා තරමක් මතුකරයි. ලේ දූෂිත රෝග, කැසිලි මතුවෙයි. ජය අංකය: 01 ශුභ වර්ණය: ළා රෝස

🔴 මකර ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. නිවාස අලංකාර කටයුතුවල යෙදේ. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. පපුවේ අමාරු මතුවෙයි. ජය අංකය: 08 ශුභ වර්ණය: නිල්

🔴 කුම්භ ලග්නය

ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. නිවස තුළ දවස ගෙවෙයි. තම ඥාතීන්ගේ සුවදුක් මත පිහිටවීම් ක්‍රියාවල ද යෙදේ. දහමට ළැදිව ද ක්‍රියා කරයි. හදිසි ධන වාසනා දෙන දිනකි. සෙම් රෝග, කාය රෝග මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: දම්

🔴 මීන ලග්නය

ශුභාශුභ ඵල දෙයි. නව නිපැයුම් නිර්මාණ වැනි දේ ඇරඹීමට හොඳයි. හුදෙකලා ගති මතුවෙයි. ආගමික පුද පූජා ගරු කරන අතර තම මිතුරන් ඒ සඳහා යොමු කරවයි. මූල රෝග, උදර රෝග මතුවෙයි. ජය අංකය: 09 ශුභ වර්ණය: කහ