අද ලග්න කිහිපයකටම හදිසි ධන ලාභ හිමි වන දවසක්..මේ ලග්න වල අය උස්සාහ කරල බලන්න.

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Sep 29, 2024 11:32 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ප්‍රබෝධවත් දිනකි. ක්‍රියාකාරකම් උනන්දුවෙන් ඉටු කරයි. තම අරමුණු ජයගනී. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. ලිපි ලේඛනවලින් ජයගෙන දෙන දිනකි. සිරසගත රෝග, නහර වේදනා මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: රන්වන්

🔴 වෘෂභ ලග්නය

ගමන් බිමන් බහුල දිනකි. සතුර බලපෑම් ධමනය වෙයි. දුර ගමන් යෙදේ. උත්සව සාද වැනි දේවල්ද යෙදෙන අතර අමතර ලාභ යෙදෙන දිනකි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. සෙම් රෝග, කාස රෝග මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: ක්‍රීම්

🔴 මිථුන ලග්නය

අමතර වැඩ රාජකාරි යෙදන අතර අවිවේකී නිසාවෙන් අතපසු වීම් යෙදේ. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසමෙන් ක්‍රියා කළ යුතු හදිසි ධනලාභද ගෙන දෙයි. හෘද ආබාධ, නහර වේදනා මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: කොළ

🔴 කටක ලග්නය

ක්‍රියාකාරකම් බහුලයි. ගමන් බිමන්ද යෙදෙන අතර බලාපොරොත්තු වූවාට වඩා වැය ඉහළ යයි. තරමක් අමතර ලාභද දෙයි. මහජන ප්‍රසාදයට ලක්වන ක්‍රියාවන් යෙදේ. හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: රෝස

🔴 සිංහ ලග්නය

ක්‍රියාශීලී දිනකි. චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාවෙහි ගරු කරයි. ශුභවාදීව රැකියා කටයුතුවලද යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. උත්සව සාද වැනි දේවල නිරත වෙයි. වැයපස ඉහළයි. මූලාර්ශස් රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

🔴 කන්‍යා ලග්නය

ක්‍රියාකාරකම් බහුල වෙයි. රැකියා ස්ථානවල මුල් වී ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්හි නිරත වන අතර යහපත් ඇසුරුකම් ඇති වන දිනකි. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. පාදවල රෝග මතු කරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා කොළ

🔴 තුලා ලග්නය

ප්‍රබෝධවත්ව දහමට ළැදිව දවස ක්‍රියා කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර අමතර ලාභ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග ඇතිවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: සුදු

🔴 වෘශ්චික ලග්නය

සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන ක්‍රියාකාරකම් බහුල දිනකි. නවක මිතුදම් ඇති වන අතර පැවැති මිතුදම් වර්ධනය වන දිනකි. චාරිත්‍ර වාරිත්‍ර ගරු කර ක්‍රියා කරන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: රතු

🔴 ධනු ලග්නය

ශුභ ඵල මතු කරයි. ප්‍රබෝධයෙන් රාජකාරිවල යෙදේ. විනෝදජනක කටයුතුවල යෙදේ. මිල මුදල් වැයවේ. ඉඩකඩම් මිලට ගැනීමට යෑමට දුරදිග බලා ක්‍රියා කිරීම මැනවි. සිරසගත රෝගවලට හේතුයි. ජය අංකය: 07 ශුභ වර්ණය: තද කහ

🔴 මකර ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතු කරයි. තරමක් ආවේගශීලී ගතිද මතු කරයි. එබැවින් ඉවසීම වැදගති. නිෂ්ඵල ගමන් ද යෙදේ. හදිසි රෝග, ශල්‍යකර්ම වැනි දේට හේතු බැවින් ප්‍රවේශම මැනවි. ජය අංකය: 03 ශුභ වර්ණය: දම්

🔴 කුම්භ ලග්නය

ශුභ ඵල සහිතයි. රැකියා ලාභ ලැබීම්, උසස් වීම් වැනි දේට හේතුයි. ආදර සබඳතා වර්ධනය වෙයි. තරමක් විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. ලිපි ලේඛන කටයුතුවලින් ජයදෙයි. කලක් වධ දුන් රෝග සමනය වන දිනකි. ජය අංකය: 01 ශුභ වර්ණය: නිල්

🔴 මීන ලග්නය

ශුභවාදී ඵල මතු කරයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. සතුර බලපෑම් දමනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග මතු කරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: තැඹිලි

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%