ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Sep 24, 2024 11:19 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

රාජකාරි ව්‍යාකූල කරවයි. මනස චංචල වෙයි. ක්‍රියාකාරකම්වලදී දුර දිග බැලීම මැනවි. ප්‍රීති උත්සව, සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. තමන් බලාපොරොත්තු නොවූ ජයකට හේතුයි. සෙම් කෝප රෝග මතුවේ. ජය අංකය: 01 ශුභ වර්ණය: රතු

🔴 වෘෂභ ලග්නය

ක්‍රියාශීලි දිනකි. තම අරමුණු පසෙක තබා අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. දවස අවිවේකී බවක් මතු කරයි. තනතුරු ලාභ මතු කරයි. වැය ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: තැඹිලි

🔴 මිථුන ලග්නය

තරමක් ගමන් බිමන් බහුල වෙයි. පොදු සේවා කටයුතු, සමාජ සත්කාරක ක්‍රියා වැනි දේවල්වල යෙදෙන දිනකි. නවක මිතුරන් සමග එක්ව ක්‍රියා කරයි. නිෂ්ඵල ක්‍රියාවන් ද යෙදේ. බුද්ධිමත් වීම මැනවි. රක්තවාත රෝග මතු කරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ

🔴 කටක ලග්නය

ක්‍රියාශීලි දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. නොකළ වැරදිවලට චෝදනා එල්ල වීමට ඉඩ ඇති බැවින් ඉවසීම මුල්කරගෙන ක්‍රියාකිරීම ශුභයි. සිරස රෝග, උෂ්ණ රෝග මතු කරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: රෝස

🔴 සිංහ ලග්නය

තම ඥාති සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. දහමට ද ළැදිව ක්‍රියා කරයි. සිරසගත රෝගවලට හේතුයි. ජය අංකය: 01 ශුභ වර්ණය: ළා දම්

🔴 කන්‍යා ලග්නය

ශුභවාදී ඵල දෙයි. මංගල සාද, උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවේ. ඥාතීන් සමීප වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ද ඉහළ යයි. තෘප්තිමත්ව දවස ගෙවෙයි. ප්‍රසාදයට පත්වේ. ආමාශගත රෝගවලට හේතුයි. ජය අංකය: 03 ශුභ වර්ණය: ළා කොළ

🔴 තුලා ලග්නය

ගමන් බිමන් බහුල වෙයි. රැකියා ස්ථානවල මතභේද ඇති වෙයි. වාද විවාද ශුභවාදී නොවේ. තරමක් කලකිරීම් මතු කරන ප්‍රශ්න ඇති වෙයි. මිල මුදල් අධිකව වැයවේ. ණය තුරුස්වලට හේතුයි. සෙම් කෝප රෝග මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: ක්‍රීම්

🔴 වෘශ්චික ලග්නය

ක්‍රියාශීලි දිනකි. රාජකාරි ස්ථානවල ක්‍රියාකාරකම් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ඉඩකඩම් ලාභයකට හේතුයි. ආර්තික වර්ධනයට හේතු ගෙන දෙයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: දුඹුරු

🔴 ධනු ලග්නය

ශුභ දිනකි. ප්‍රබෝධවත්ව ක්‍රියාකාරිවල යෙදේ. අන් අයගේ ප්‍රසාදයට පත් වෙයි. යහපත් සිතුවිලි ක්‍රියාකරයි. ලිපි ලේඛනවලින් ජය දෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. තමන් බලාපොරොත්තු නොවූ අමතර ලාභයකට හේතුයි. ලේ දූෂිත රෝග, මුත්‍රා ආසාදන වැනි දේට හේතුයි. ජය අංකය: 09 ශුභ වර්ණය: කහ

🔴 මකර ලග්නය

ශුභඵල සහිතයි. ගමන් බිමන් යෙදෙන අතර නිෂ්ඵල ගමන් ද යෙදෙන බැවින් බුද්ධිමත්ව ක්‍රියාකිරීම මැනවි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබයි. සුහද හමුවීම් සාකච්ඡා වැනි දේවල ද යෙදේ. පැවති ආමාශගත රෝග ඉස්මතු කරයි. හදිසි ලාභ ලබයි. ජය අංකය: 03 ශුභ වර්ණය: නිල්

🔴 කුම්භ ලග්නය

ශුභවාදී ඵල මතු කරයි. ගමන් බිමන් බහුලයි. නීතිමය ගැටලු යහපත් ලෙස විසදේ. තම අරමුණු ජයගනී. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තම ඇසුරෙන් දුරස්ථවූ ඥාතීන් සමීප වෙයි. කලක් වධ දුන් රෝගවලින් සුවය දැනෙන දිනකි. ලිපි ලේඛනවලින් ජය ලබයි. ජය අංකය: 05 ශුභ වර්ණය: දම් පැහැ

🔴 මීන ලග්නය

ශුභවාදී ඵල දෙයි. ක්‍රියාකාරකම්වල වෙනසක් නොවේ. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. තම අරමුණු ජය ගනී. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ද ලබයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ව්‍යාපාරවල දියුණුව පෙනේ. සෙම්බහුල රෝග සාදයි. මනසට ගෙනදුන් පීඩා ඉවත් වෙයි. ජය අංකය: 04 ශුභ වර්ණය: තද කහ

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%