ලක්ෂ 30ක් අල්ලස් ගන්න ගොස් ඇල්ලූ කුරුණෑගල නියෝජ්‍ය පුරපති අධිකරණයට

Report

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයුනුදීන් මහතා අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට තැත් කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (08) ඔහුව බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් දැලට කොටවූ කුරුණෑගල නි. නගරාධිපතිට පක්ෂ සාමාජිකත්වය නැතිවෙයි

අල්ලස් දැලට කොටවූ කුරුණෑගල නි. නගරාධිපතිට පක්ෂ සාමාජිකත්වය නැතිවෙයි

කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළි නඩත්තු කිරීමේ ටෙන්ඩරය ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා මොහු රුපියල් ලක්ෂ 30ක අත්තිකාරම් මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත.

බත්තරමුල්ලේ පිහිටි හෝටලයක් අසලදී මෙම මුදල් ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉතා සූක්ෂම අයුරින් සැකකරු කොටු කරගෙන තිබේ.

අභාවප්‍රාප්ත වූ රතුගල ආදිවාසී නායකයා අද සදහටම දැයෙන් සමුගැනීම

අභාවප්‍රාප්ත වූ රතුගල ආදිවාසී නායකයා අද සදහටම දැයෙන් සමුගැනීම

අෂාර්ඩීන් මොයුනුදීන් මහතා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්වූ අයෙකු වන අතර, පාලනය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට (NPP) සහාය පළ කිරීම නිසා ඔහු නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්විය.

මෙම අත්අඩංගුවට ගැනීම වාර්තා වීමත් සමඟ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.