''මේ post එක දාන්නේ කාටවත් මොනවත් ඔප්පු කරන්න නෙවෙයි '' අලුත් වන්ඩියක් ගත්තු කුමාර තිරිමාදුර රටටම කියපු කතාව මෙන්න
කුමාර තිරිමාදුර කියන්නේ ලංකාවම දන්න අග්ර ගණයේ දක්ෂ නලුවෙක් ඔහු සම්මාන හිමි කරගත්තු ලංකාවේ මේ වෙද්දී අග්රගණයේ කලාකරුවන් අතර ඉන්න සුවිශේෂී කලාකරුවෙක් කිව්වොත් මම හරියටම හරි . ඉතිං ඔහු ලංකාවේ හැමෝටම ආදර්ශයක් වෙමින් තමන් ගත්තු වාහනය ගැනරටටම කිව්වේ තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙමින් ශක්තියක් වෙන්න . ඉතිං ඔහුට ඔබ සුබ පතන ගමන් ඔයාලත් බලන්නකෝ ඔහුගේ ආදරණීය සටහන
මිනිස්සු නම් එක එක කතා කියයි. ඒක නවත්තන්න අපිට බැහැ. ❤️ හැබැයි මට එක දෙයක් විශ්වාසයි... සතයක්වත් හොරකම් නොකර, කාටවත් වංචාවක් නොකර, මගේ මහන්සියෙන් මම මගේ ගමන ආවා.
දැන් මට තවත් ලඟා කරගන්න ඕනේ ලොකු දේවල් නැහැ. ජීවිතේ ඉතුරු ටික මගේ පවුලත් එක්ක සතුටින්, නිදහසේ ගත කරන්න ලැබුණොත් ඒ ඇති. 🤍 මේ post එක දාන්නේ කාටවත් මොනවත් ඔප්පු කරන්න නෙවෙයි.
එක්කෙනෙක්ට හරි motivation එකක් වෙයි කියලා. තමන් කරන වැඩේට අවංක වෙන්න. මහන්සි වෙන්න. කාටවත් බොරුවක්වත් වංචාවක්වත් කරන්න එපා. එතකොට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න පුළුවන්. මැරෙනකොට අපි අරන් යන්නේ සල්ලිවත්, දේපළවත් නෙවෙයි.
හෘද සාක්ෂියට අනුව අවංකව ජීවත් වුණා කියන සැනසීම විතරයි.