බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදහරී

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) දින කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන් බව වාර්තා විය. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ දී මෙම චෝදනා භාරදීම සිදුව තිබෙනවා.

මින් පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන්.

අඳාළ චෝදනා භාරදීමෙන් පසු විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කර ඇති බව සඳහන්.

ඇමති කුමාර ජයකොඩි කොළඹ මහාධිකරණයට

ඇමති කුමාර ජයකොඩි කොළඹ මහාධිකරණයට

2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු වශයෙන් සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීමට සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8859708ක පාඩුවක් සිදුකිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් අමාත්‍යවරයාට එරෙහිව අඳාළ චෝදනා ඉදිරිපත් කර ඇත.