ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් නාමල්ට අධිකරණ නියෝගයක්

By Shehan Mar 12, 2025 08:27 AM GMT
Report

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් ද නැද්ද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (12) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග‍යක් නිකුත් කළා.

නිළි රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණු පුවතක්!

නිළි රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණු පුවතක්!

අදාළ නීති කෘත්‍යයට අදාළ නඩු ගොනුව මහාධිකරණයට යොමු කර ඇති බැවින් පරිශීලනය කිරීමට නඩු ගොනුව නොමැති බවත් ලබන මාර්තු මස 26 දින වාර්තාවක් ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කරනු ලැබුවා. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිදු කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.