ලාංකීය ජනතාව සතුටේ ගිල්වමින් තවත් විසල් බැංකුවක සහය ලංකාවට..

Sri Lanka Economic Crisis Financial crisis South Korea Latest Headlines
By Sewvandhi Oct 03, 2024 04:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.

කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

කවුරුත් නොසිතූ ලෙස එකවර වෙනස් වූ කොටස් වෙළඳපොළ..

කවුරුත් නොසිතූ ලෙස එකවර වෙනස් වූ කොටස් වෙළඳපොළ..

ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවද කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් අවධාරණය කර ඇත.

කොරියානු එක්සීම් බැංකුවේ අධ්‍යක්ෂ Won-suk HA, නියෝජ්‍ය අධ්‍යක්ෂ Hanui Han, ව්‍යාපෘති කළමනාකාර නලින් ජයතුංග යන පිරිස මෙම අවස්ථාවට එක්විය. ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.