කොරියාවට යන්න ඉන්න අයට දුක්බර ආරංචියක්..රැකියා අහිමිවීමේ අවදානමක්..
By Aruna
දකුණු කොරියාව විසින් ලබාදෙන රැකියා දස දහසක් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වනවා.
විදේශීය ඍතුමය සේවකයින් හදුන්වා දීම පිළිබද වූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව කෘෂි කාර්මික සහ ධීවර ක්ෂේත්‍රයන් සදහා මෙම රැකියා ලබාදෙනු ලබයි.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නව රජය සැලකිලිමත් නොවීම හමුවේ එම රැකියා දස දහසේ කෝටාව වෙනත් රටකට ලබා දීමට, දකුණු කොරියානු රජයේ අවධානය යොමුව ඇත.
මේ හේතුවෙන් මෙරටට ලැබුණු එම රැකියා කෝටාව කාම්බෝජයට හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.