කොරියාවට යන්න ඉන්නවනම් මේක බලන්න

Department of Immigration & Emigration South Korea Job Opportunity Sinhala news
By Ashfa May 21, 2025 10:47 AM GMT
Ashfa

Ashfa

Report

මේ වර්ෂයේ ගතවූ මාස පහකට ආසන්න කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 1,619 දෙනකු පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 96 දෙනකු ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියෝ 7 දෙනෙක්ද අයත් වෙති.

බලපත්‍ර රහිත ගිනි අවියක් - කාගේද ?

බලපත්‍ර රහිත ගිනි අවියක් - කාගේද ?

මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 910 වන කණ්ඩායමයි.

මෑත කාලීනව තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වී තිබෙන අතර, ඒ අනුව 2025 වර්ෂය තුළදී තරුණියන් 56 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

කුඩු සළිඳුට මොකද වෙන්නේ?

කුඩු සළිඳුට මොකද වෙන්නේ?

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමිවන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා මෙමගින් හිමිවේ.

ReeCha