සුපිරි කොලිවුඩ් නළුවෙකුගේ ජිවිතය කොවිඩ් වලට බිලිවෙයි. - (VIDEO)
By Shehan
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය වන විට 71 වැනි වියේ පසු වූ ඔහු DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂයේ නිර්මාතෘවරයා ද වනවා.
සිනමාව තුළ හමුදා චරිත නිරූපණය කිරීම හේතුවෙන් ඔහු 'කැප්ටන්' ලෙස ද හඳුන්වා ඇති අතර 2005 දී DMDK පක්ෂය පිහිටුවීමෙන් විජයකාන්ත් දේශපාලනයට අවතීර්ණ වුණා.
ඒ, තමිල්නාඩුවේ සෙසු ද්‍රවිඩ පක්ෂ වන DMK සහ ADMK වැනි පක්ෂවලට අභියෝග කරන විකල්ප දේශපාලන පක්ෂයක් වීමේ අරමුණ ඇතිවයි.