දුම්රිය ස්ථානයක පිහි ප්‍රහාරයක් - 18ක් රෝහලට.. කතක් අත්අඩංගුවට
By R.rishma
ජර්මනියේ උතුරුදිග හැම්බර්ග් නගරයේ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඊයේ (23) සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇත.
ජර්මානු පොලිසිය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු කාන්තාව 39 හැවිරිදි තැනැත්තියක් බව වාර්තා වේ.
පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව හැම්බර්ග් ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ජර්මානු මාධ්‍ය වාර්තාවලට අනුව, වැඩකරන සතියක කාර්යබහුල සවස 6:00ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇත.
සැකකාරිය විසින් දුම්රිය වේදිකාවේ දුම්රිය බලාපොරොත්තුවෙන් සිටි මගීන්ට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.