වාර්තා පිට වාර්තා තබමින් ඉහළ ගිය කිතුල් පැණි මිල..

Report

කිතුල් පැණි නිෂ්පාදකයින් පවසන්නේ, කිතුල් පැණි මිළ ගතවූ මාස කිහිපයේ වැඩිම මිළ මේවන විට වාර්තා කරමින් ඇතිබවයි.

ඒ අනුව ප්‍රමිතියෙන් ඉහළ කිතුල් පැණි බෝතලයක් රුපියල් 1450 මට්ටමේ පවතියි.

කිතුල් පැණි නිෂ්පාදකයන් පවසන්නේ, කිතුල් පැණි සදහා පවතින අධික ඉල්ලුම සහ පවතින අයහපත් කාලගුණ තත්වය කිතුල් පැණි මිල ඉහළ යාමට හේතුවී ඇතිබවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,තවලම,වැලිවිටිය දිවිතුර සහ හිනිදුම ප්‍රදේශ කිතුල් පැණි සදහා ප්‍රසිද්ධ වෙයි.

Sponsored By Sarrita Jewellery

වාර්තා පිට වාර්තා තබමින් ඉහළ ගිය කිතුල් පැණි මිල.. | Kitul Honey Price Increased Sri Lanka