කිං ඛාන්ගේ උපන්දිනයට ලංකාවෙන් ගිය අයට අමතක නොවෙන අත්දැකීමක්

Report

ලොව පුරා වෙසෙන වයස් භේදයකින් තොරව රසික රසිකාවියන්ගේ උන්මාදය වන්නේ  හින්දි සිනමාවේ නොමැකෙන කිරුළ හිමි කරගන්නේ ෂාරුක් ඛාන්ය.

ඔහු සිය 60 වැනි උපන්දිනය සැමරුවේ නොවැම්බර් මාසයේ 2වැනිදා මුම්බායි වල Balgandharva Auditorium හිදී සිය රසික රසිකාවියන් සමගිනි.

  බොහෝ දෙනෙක්ගේ හීනයක් වනුයේ ඔහුව සැබහින් දැකගැනීමයි .

ඒ වෙනුවෙන් පෙරුම් පුරන රසික රසිකාවියන් බොහෝ පිරිසක්    ලෝකය වටේ සිටිති.

ඉතිං මේ ආදරණීය නලුවා මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුනොත් කිසිවෙක් එය මගහැර ගන්නේ නැහැ.

කිං ඛාන්ගේ උපන්දිනයට ලංකාවෙන් ගිය අයට අමතක නොවෙන අත්දැකීමක් | King Khan S Birthday Delights Sri Lanka Fans

බොහෝ දෙනෙක් ඔහුගේ චිත්‍රපටි වල ජීවත් වෙලා කොයිතරම් නම් ඔහු ගැන හීන මවනවා ඇත්ද ? ඇත්තටම කිං ඛාන් බලන්න ගිය ඔවුන් මොනතරම් වාසනාවන්තද කියල හිතෙන තරමටම ඔහු ලෝකයේ ආදරය දිනූ චරිතයක්. 

ෂාරුක්ගේ ලාංකීය රසිකාවියන් පිරිසකටද මෙවර එම වටිනා අවස්තාව හිමි විය.

SRK Sri Lanka CFC ෆෑන් ක්ලබ්එක හරහා ජනනි පලිහවඩන, අචිනි ලෝචනා පලිහවඩන අක්කා නගෝ දෙදෙනාත්, මන්සනී හීදැල්ලආරච්චිත් මේ අවස්ථාව හිමිකරගන්නට වාසනාවන්ත වී තිබේ.

  ඒ ජීවිතේ අමතක නොවන අවස්තාව උදාකරගත් මේ ජනනිගේ කතාවයි

කිං ඛාන්ගේ උපන්දිනයට ලංකාවෙන් ගිය අයට අමතක නොවෙන අත්දැකීමක් | King Khan S Birthday Delights Sri Lanka Fans

 ''  පොඩි කාලේ ඉදන් ෂාරුක්ට පුදුම කැමැත්තක් තිබ්බා. මමයි අක්කයි ෂාරුක් ඉන්න පත්තර පිටු, දින දර්ශන, බුක්මාර්ක් තරගෙට එකතු කළා. ෂාරුක්ගේ පින්තූර අලවලා පොත් හැදුවා. ෂාරුක්ට ලියුම් ලිව්වා. අපි ඒ තරම් ෂාරුක්ට ආදරේ කලා. කවදා හරි ෂාරුක්ව ඇත්තට දැක ගන්න, ෆොටෝ ගන්න අක්කාටයි මටයි හිනයක් තිබුණා. 2004 අවුරුද්දේ ෂාරුක් ලන්කාවට එනකොට අපි පොඩියි. ඒ නිසා අපිට ෂාරුක් බලන්න යන්න අවස්තාව ලැබුනේ නෑ. අපි රස්සාවලට ගියා, විවාහ වුනා, දරුවෝ ලැබුණා කියලා ෂාරුක්ට තියෙන ආදරේ අඩු වුනේ නැහැ. අපේ හස්බන්ඩ්ලා ෂාරුක්ගේ අලුත් ෆිල්ම් එකක් ආවාම බලන්න එක්ක ගෙන ගියා. ඩීවිඩී ගෙනත් දුන්නා. ඔහොම ඉන්න අතරේ 2023 අවුරුද්දෙදි අහම්බෙන් වගේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැක්කා එෂානි මධුරිකා කියන සහෝදරියගෙ. එයා ෂාරුක් එක්ක ෆොටෝ එකක් අරගෙන තියන පෝස්ට් එකක්. ඒ වෙද්දි මම එෂානිව දන්නෙත් නෑ, නමුත් මම ඉක්මනට එයාට මැසේජ් කරලා විස්තර ඇහුවා. එතකොට තමයි දැනගත්තේ ෆෑන් කල්බ් වලින් ඒ අවස්ථාව ලැබෙන බව. ඔහොම ඉන්න කොට SRK Sri Lanka CFC ෆෑන් ක්ලබ් එකත් එක්ක එකතු වෙන්න මට අවස්ථාව ලැබුනා. ෆෑන් ක්ලබ් එකේ අපේ සහෝදර සහෝදරියෝ ටික ෂාරුක්ගේ විශේෂ අවස්ථා සමරනවා. Pathaan, Jawan, Dunki ෆිල්ම් තුනේම පලමු දින, පලමු දර්ශනවාරය අපි හැමෝම නැරඹුවා සහ ෆිල්ම් තුනේම සාර්ථකත්වය සැමරුවා. 2025 අවුරුද්දේ ෂාරුක්ගේ උපන්දිනේ සමරන්න #SRKDAY එකට යන්න මටත් මගේ අක්කටත් අවස්ථාව හම්බුනේ අපේ SRK SriLanka CFC ක්ලබ් එකේ ඇඩ්මින් පූර්ණ අබේවික්‍රම මල්ලි හරහා.


ඉන්දියාවේ CFC ක්ලබ් එකේ ආරාධනාවකට අනුව ඒ සදහා අපිට අවස්ථාව ලැබුනා. මේ ඉවෙන්ට් එක සංවිධාන කලේ ෂාරුක්ගේ RedChillies Entertainment ආයතනය. මේ ඉවෙන්ට් එකේ විශේෂත්වයක් වුනේ ෂාරුක්ගේ ෆෑන්ස්ලා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගි අවස්ථාව සලසා තිබීමයි. ගනින්න බැරි තරම් ෂාරුක් රසිකයින් අතරින් 300කට විතරයි මේ අවස්ථාව ලැබුනේ. ලෝකේ පුරා ඉන්න ෂාරුක්ගේ ෆෑන්ස්ලා මේ අතරේ හිටියා. ඒ තුන්සිය දෙනා ඉන්න, ඒ වටින අවස්ථාව අපිටත් ලැබුනා. අපිට වියදම් වුනේ ගුවන් ටිකට් පතේ මුදලයි නවාතැන් ගාස්තුයි විතරයි. අපේ ෆෑන් ක්ලබ් එකේම Europe branch එකේ හන්සනී හිදැල්ලආරච්චි අක්කා ශාරුක් බලන්න නෙදර්ලන්තේ ඉඳන් ඉන්දියාවට ඇවිත් අපි එක්ක එකතු වුනා.

ඉතින් නොවැම්බර් මාසේ 2 දා මුම්බායි වල Balgandharva Auditorium එකේ තමයි #SRKDAY එක පැවැත්වුණේ. එතන ලොකු සෙකියුරිටි එකක් තිබ්බා, මොබයිල් එකයි පොඩි හෑන්ඩ්බෑග් එකකුයි විතරයි ගෙනියන්න දුන්නේ. ඒ වගේම රසිකයෝ ශාරුක්ට ගෙනාපු හැම තෑග්ගක්ම තියන්න එතන වෙනම තැනක් හදලා තිබ්බා. ඇතුල් වෙන තැන ඉදලා දිගටම තිබ්බේ ශාරුක්ගේ රසික රසිකාවියන්ගේ ෆොටෝ දාලා , ෂාරුක්ට Happy Birth Day කියලා දාලා හදපු ලොකු බැනර් එකක්. Audotorium එක ඇතුළේ මේ අවුරුදු 33 පුරාවටම ෂාරුක්ට ලැබුන සම්මාන ප්‍රදර්ශනය කරලා තිබ්බා. ඒ අතරේ ලගදි එයාට හම්බුන ජාතික සම්මානයත් තිබුනා. මේ ඉවෙන්ට් එකට ලංකාව ඇතුලුව මහ බ්‍රිතාන්‍යය, පේරු, නේපාලය, බන්ගලාදේශය, ඩුබායි, කැනඩාව වගේ විවිධ රටවල රසිකයින් පැමිණ සිටියා.

අභිශේකාගේ උපන්දිනය දවසෙම සංවේදී සටහනක් මුහුණු පොතට

අභිශේකාගේ උපන්දිනය දවසෙම සංවේදී සටහනක් මුහුණු පොතට

ඉතින් ඉවෙන්ට් එක පටන්ගත්ත ගමන් ෆෑන් ක්ලබ් වල dance , quiz competition වගේ විශේශාංග තිබුණා. ඔය අතරේ තමයි කවුරුත් බලන් හිටපු අවස්තාව උදා වුනේ. රසික රසිකාවියන්ගේ ප්‍රිතිඝෝෂා මැද ෂාරුක් ස්ටේජ් එකට ආවා.ෂාරුක්ව පළවෙනි වතාවට දැක්ක වෙලාවේ හිතට දැනුණ හැඟීම කියන්න තේරේන්නේ නෑ. ඒක ඇත්තටම අවුරුදු ගානක හීනයක් හැබෑවීමක්. එවෙලේ හිතට දැනුණ සතුටට එතන හිටපු ගොඩක් අයට ඇඩුනා.

ෂාරුක් ඉවෙන්ට් එකට ආව ගමන්ම හැමෝගෙන්ම සමාව ඉල්ලුවා. එයාගේ රසිකයින්ට අත වනන්න, ශාරුක්ගේ ගේ “මන්නත්” ඉස්සරහට එයාට එන්න බැරිවුන එකට. ශාරුක් අපේ ඉස්සරහ කතා කරන කොට ෆිල්ම්වල ශාරුක්ගෙන් දැකපු හැම චරිතයක්ම මතක්වුනා. ඒ වගේම තරුණ කාලේදිම දෙමාපියන් අහිමි වෙලා, දුක් කම්කටොලු විඳගෙන, එයාගේ අක්කවත් බලාගෙන ඉතාම අසීරු අඩියක ඉඳන් මේ ගමන ඇවිත් මේ වගේ සාර්ථකත්වයක් ලබාගත්ත ශාරුක්ගේ පුදුම කතාව ඒ වෙලාවේ මතකෙට ආවා.

 කිං ඛාන්ගේ උපන්දිනයට ලංකාවෙන් ගිය අයට අමතක නොවෙන අත්දැකීමක් | King Khan S Birthday Delights Sri Lanka Fans

ඉවෙන්ට් එක අතරතුරේ ශාරුක් ෆෑන්ස්ලගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා, ඒ වගේම ශාරුක්ගේ සිනමා ජීවිතයේ මතක හිටින අවස්ථා ගැනත් කතා කලා. ශාරුක්ගේ කතා වලින් අපේ ජීවිතේට ගන්න තියන දේවල් බොහොමයි. ශාරුක් හැමවෙලේම ධනාත්මකව හැමදෙයක්ම දකින කෙනෙක්. ඒ වගේම ඔහු හරිම නිහතමානි පුද්ගලයෙක්. ඒ පැය කීපය තුල ශාරුක් හැසිරුන විදිහෙන් ඒක හොඳින්ම පැහැදිලි වුනා. එක අවස්ථාවක ශාරුක් වාඩිවෙලා හිටපු පුටුව ස්ටේජ් එකෙන් අයින් කරන්න වුනා විශේෂාන්ගයක් නිසා. ඒ වෙලාවෙදි ටීම් එකේ කෙනෙක් ඇවිත් පුටුව අයින් කරන්න කලින් ශාරුක්ම පුටුව ස්ටේජ් එකේ පිටිපස්සට අයින් කලා. ඒ වගේ ශාරුක්ගෙන් වුන පොඩි පොඩි දේවලින් ශාරුක් කොහොම කෙනෙක්ද කියන එක අපිට තේරුනා. ඒ වගේම ශාරුක්ගේ කතා අහන් ඉද්දි ෂාරුක්ගේ රසිකාවියක් වුන එක ගැන කිසිම පසුතැවීමක් දැනුනේ නැහැ. ඒවයින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබ්බා.

ඊට පස්සේ ශාරුක්ගේ උපන්දින කේක් එක අපි ඉස්සරහ කැපුවා. අපි හැමදෙනාම ශාරුක්ට happy birth day සින්දුව කියලා විශ් කලා. ඉන් පස්සේ අපි හැමෝම බලාගෙන හිටපු අවස්තාව උදාවුනා. එයා එක්ක අපිට ෆොටෝ එකක් ගන්න අවස්තාව ලැබුනා. ඒ අවස්තාවෙදි එයාට hand shake කරන්න අවස්ථාවත් හම්බුනා අපිට. එයාට කොයිතරම් මහන්සි වුනත් එයා එයාගේ හැම රසිකයෙක් එක්කම ෆොටෝ ගන්න ස්ටේජ් එකේ හිටියා. එයාගේ ෆෑන්ස් ලා ආදරෙන් එයාව අතින් අල්ලනකොට, එයා එක්ක කතා කරන්න උත්සහ කරනකොට ඒ කිසිම දෙයක් ප්‍රතික්ශේප කලේ නෑ.

හරිම නිහතමානි කෙනෙක් එයා. අන්තිමේදී ෂාරුක් එළියට ගියේ ඉවෙන්ට් එක තිබ්බ auditorium එක ළඟ එයාව බලන්න ඇවිත් හිටපු හැමදෙනාම වෙනුවෙන් එතන ගේට්ටුව ලගට ගිහින් අත වනලා. ඒ වගේම ඉවෙන්ට් එක ඉවරවෙලා එළියට එද්දි අපිට කෑම බීමත් එක්ක පොඩි ගිෆ්ට් එකකුත් හම්බුනා ෂාරුක්ගේ ඉවෙන්ට් එකට සහභාගී වුනාට. ෂාරුක්ගේ රසිකයින්ට ඒක ගොඩක් වටින දෙයක් ඇත්තටම. ඉතින් මේ දවස මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක්.

කිං ඛාන්ගේ උපන්දිනයට ලංකාවෙන් ගිය අයට අමතක නොවෙන අත්දැකීමක් | King Khan S Birthday Delights Sri Lanka Fans

මේ ගමනේදි මුල ඉදන්ම අපේ හැමදේම හොයලා බලලා මේ ගමනට උදවු කරපු සහ ඒ අවස්තාව ලබා දුන්න SRK Sri Lanka CFC ගෲප් එකේ පූර්ණ අබේවික්‍රම මල්ලිට විශේශයෙන්ම ස්තූතිවන්ත වෙනව. ඒ වගේම ඉන්දියාවේ අපේ SRK Chennai CFC ක්ලබ් එකේ මූලිකයා වෙන Dr.Sudir Kotari ට විශේශ ස්තූතිය පුද කරනවා මේ අවස්තාව අපිට ලබාදීලා අපිට ඒ සදහා ආරාධනා කලාට. ඒ වගේම CFC ක්ලබ් එකේ අනෙකුත් මූලික සාමාජිකයන් වෙන සුමන්, රක්ශිත්, රියාස්, ආක්ශේ, ෆාතිමා ඇතුළු ඒ සියලුම දෙනාව ආදරෙන් මතක් කරනවා. ඔවුන් අපි එක්ක හැම වෙලාවෙම හිටියා, අපිට උදවු කලා අපි ගැන හොයලා බැලුවා. ඒ හැමදෙනාම දැන් අපේ හොද යහළුවෝ.   ''

මොළයේ 90%ක් නැති තරුණියක් 20 වැනි උපන්දිනය සමරයි

මොළයේ 90%ක් නැති තරුණියක් 20 වැනි උපන්දිනය සමරයි