බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු අමෙරිකානු කොංග්‍රසය අමතයි

Report

දින 4ක රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු අමෙරිකානු කොංග්‍රසය ඇමතීමට ඊයේ (28) පැමිණ ඇත .

එහිදී බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු අමෙරිකානු කොංග්‍රසය අමතමින් ප්‍රකාශ කර තිබෙනුයේ මෙවන් අදහසක්

"අමෙරිකාව සමඟ සියලු කාරණාවලදී සමානාත්මතාවයක් පවතිද්දී එකම වෙනස භාෂා විලාසය වෙන්න පුළුවන්. අපි මෙලෙස අවිනිශ්චිතතාවයක් පවතින කාල වකවානුවක යුරෝපයේ යුද ගැටුම් මැද පෙරදිග දක්වා ජාත්‍යන්තර ප්‍රජාවට දැඩි අභියෝගයක් වී තිබෙනවා. එහි බලපෑම රටවල් සියල්ලටම ඇතිවන බව අප කිව යුතුයි"

අනතුරුව චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංවිධාන කළ රාත්‍රී භෝජන සංග්‍රහයකට ඊයේ එක් ව ඇත.

ඉරාන නාවික අවහිරතා මධ්‍යයේ Blue Star III නෞකාව අමෙරිකාවෙන් මුදාහැරේ

ඉරාන නාවික අවහිරතා මධ්‍යයේ Blue Star III නෞකාව අමෙරිකාවෙන් මුදාහැරේ

  එහිදී යුද්ධය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් අදහස් පළ කර තිබේ. එහිදී අදහස් දැක්වූ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ මෙවන් අදහසක්

“අපි දැන් මැදපෙරදිග වැඩ ටිකක් කරනවා, අපි ඉතා හොඳින් කරනවා. අපි ඒ විශේෂිත ප්‍රතිවාදියා මිලිටරිමය වශයෙන් පරාජය කර ඇති අතර, අපි කිසි විටෙකත් ඒ ප්‍රතිවාදියාට කිසිදා ඉඩ දෙන්නේ නැහැ. චාල්ස් මා සමඟ ඊටත් වඩා එකඟයි. අපි කිසි විටෙකත් ඒ ප්‍රතිවාදියාට න්‍යෂ්ටික අවියක් තබා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ.”

මේ අතර, මෙම භෝජන සංග්‍රහය අතරතුර තෙවැනි චාර්ල්ස් රජු ජනාධිපති ට්‍රම්ප් වෙත ත්‍යාගයක් ද පිරිනමා තිබේ.

ඒ දෙවන ලෝක යුද සමයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ HMS ට්‍රම්ප් නමැති බ්‍රිතාන්‍ය සබ්මැරිනයෙහි සවිකර තිබූ සීනුව වේ.

මේ අතර, TWO KINGS යන උදෘතය යටතේ ධවල මන්දිරය අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ සහ එංගලන්තයේ චාර්ල්ස් රජුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යෙයහි පළ කර තිබුණි