බ්‍රිතාන්‍යයේ නව රාජ්‍ය පාලනයක ආරම්භයක් - දහස් සංඛ්‍යාත ජනකායක් එක්රැස් වෙයි..

By krishani May 06, 2023 03:57 AM GMT
Report

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද (06) දින සිදුකරනු ලබයි.

එම උත්සවය සඳහා දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී තෙවන චාර්ල්ස් රජු සහ ඔහුගේ බිරිඳ රාජ්‍යත්වයට පත්වනු ඇත.

එම උත්සවය මෙරට වේලාවෙන් අද පස්වරු 02.50 ට ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

රාජාභිෂේකය සඳහා අළු පැහැති අශ්වයින් 6 දෙනෙකු බැඳි සාම්ප්‍රදායික කරත්තයකින් තුන්වන චාල්ස් රජු හා කැමිලා බිසව බකින්හැම් මාළිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා රැගෙන ඒම වීම විශේෂත්වයක් වේ.

කෙසේවෙතත්, දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයෙන් පසු බ්‍රිතාන්‍යයේ රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වෙන්නේ වසර 70 කට පසුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join