කිම් ජොං උන් රුසියාවට.

Report

උතුරු කොරියානු නායක කිම් ජොං උන් රුසියාවට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කොරියානු නායකයා ඔහුට අයත් වෙඩි නොවදින දුම්රියෙන් රුසියාවට පැමිණ ඇති බවයි.

ඔහු නැගෙනහිර රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේදී ජනාධිපති පුටිං හමුවීමට නියමිතයි.

ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේනය සමඟ පවතින යුද්ධය සඳහා උතුරු කොරියාවෙන් අවි ආයුධ ගැනීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් සාකච්ඡා කරනු ඇති බවයි.

පසුගිය ජුලි මාසයේදී රුසියානු ආරක්ෂක ඇමති සර්ගි ෂොයිගු උතුරු කොරියාවේ සංචාරයක නිරත වුණා.