නිවසට පැන පුද්ගලයෙකුව ඝාතනය කරයි.

By Madheeha_Naz May 16, 2023 01:14 PM GMT
Report

එකවරම නිවසකට පැමිණි තිදෙනෙකු නිවසේ රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී පළාගොස් තිබෙනවා.

බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සිද්ධිය සිදුවී ඇත.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මොහු බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

මියගිය පුද්ගලයා සහ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අතර කලක සිට පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතුවී ඇති බවට පොලීසිය සැක පළ කර තිබෙනවා.  

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW