රුසියාවේ මිසයිල ප්‍රහාර නිසා යුක්රේනයේ අගනුවර ගිනි ගනී - තිදෙනෙක් මරුට 26ට තුවාල
By Kaushi
යුක්රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව යුක්රේන බලධාරීන් සඳහන් කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.
මේ අතර එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර නිසා ගොඩනැගිලි කිහිපයක් ගිනි ගෙන විනාශ වී ඇති අතර රෝහලකට සහ පාසලකට ද හානි සිදුවී තිබෙනවා.
එසේම ප්‍රහාරයෙන් කියෙව් නගරයේ විදුලි සැපයුම් පද්ධතියකට ද හානි සිදුව ඇති අතර මේ නිසා නගරයේ විදුලිය සහ ජල සැපයුම අඩාල විය හැකි බව එරට බලධාරීන් සඳහන් කර ඇත.